මතක පොදි බැඳ
ගයන හීනෙට කවිය වී මාගේ
දවන හදවත සිසිල වන්නට
පිය නගන් ආයේ
කවුලුවෙන් එබී හොරෙන් මා
නෙත් කියූ ගීතේ
තනුව වී සිටියා ළඟින් මට
තනි නොවී පහසේ
සිහිනෙන් පවා පැතුවා සරාගී
දෙතොල හිරිමල් රටා
තනිවී තුරුල් වී මිමිණුවා ඔබ
හිඳිමි සිහිනේ ම මා
රැය ගෙවී මා හද පියුම් පිපි
සෙනෙහේ මල් වැස්සේ
නෙතට පොදි බැඳ කැලතුනාදෝ
රාව දී මනසේ
සිහිනෙන් පවා පැතුවා සරාගී
දෙතොල හිරිමල් රටා
තනිවී තුරුල් වී මිමිණුවා ඔබ
හිඳිමි සිහිනේ ම මා
මතක පොදි බැඳ
ගයන හීනෙට කවිය වී මාගේ
දවන හදවත සිසිල වන්නට
පිය නගන් ආයේ
කවුලුවෙන් එබී හොරෙන් මා
නෙත් කියූ ගීතේ
තනුව වී සිටියා ළඟින් මට
තනි නොවී පහසේ
සිහිනෙන් පවා පැතුවා සරාගී
දෙතොල හිරිමල් රටා
තනිවී තුරුල් වී මිමිණුවා ඔබ
හිඳිමි සිහිනේ ම මා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri