Mihindu Ariyaratne - Rathriya şarkı sözleri
Sanatçı:
Mihindu Ariyaratne
albüm: Yathrikaya
තරු එළියෙන් පිපුනු රැයකි
සඳ එනතුරු සිත ඇත ළැතැවී
තරු එළියෙන් පිපුනු රැයකි
සඳ එනතුරු සිත ඇත ළැතැවී
හද නිසලින් නිවෙනා පැයකි
ඇස් අඳුරට පෙම් කවි පබඳී
රාත්රිය තව කිසිවක් නොයදී
තනියක් නැත අඩුවක් නොදනී
රාත්රිය තව කිසිවක් නොයදී
තනියක් නැත අඩුවක් නොදනී
කලු සුදු සිතුවම ලස්සන වන්නට
වර්ණය ගැල්වී පිරිපුන් වන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
♪
කඳු සිත සනසන සුසීත මදනළ
සේ ඔබෙ නෙතු කැන් මා සනසයි
පවනට මුසු වූ ඒ මල් සුවඳට
මත් වූවත් ඔබෙ සුව නොගෙනෙයි
කලු සුදු සිතුවම ලස්සන වන්නට
වර්ණය ගැල්වී පිරිපුන් වන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
♪
ගිරි හිස මුදුනින් පියඹන ජලකඳ
සේ ඔබේ වරලස මා සනසයි
වනයේ තුරු හිස සනසන බිඟු කැල
නැගූ ඒ හඬ ඔබෙ කටහඬමයි
තරු එළියෙන් පිපුනු රැයකි
සඳ එනතුරු සිත ඇත ළැතැවී
රාත්රිය තව කිසිවක් නොයදී
තනියක් නැත අඩුවක් නොදනී
රාත්රිය තව කිසිවක් නොයදී
තනියක් නැත අඩුවක් නොදනී
කලු සුදු සිතුවම ලස්සන වන්නට
වර්ණය ගැල්වී පිරිපුන් වන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri