Nadeemal Perera - Mayam Kalawe şarkı sözleri
Sanatçı:
Nadeemal Perera
albüm: Mayam Kalawe
හිරිමල් මුවින් පානා සිනා
කඳුලැල් මකාලන්න මා හද නිවා
තුරුවැල් පවා සරදම් කලා
හද පොපියනා මේ ආදරේ
ඔබ මට දුන්න
යලි උදුරන්නේ ඇයි ප්රේමියේ
මා ජීවිතේ
ඔබ පණ දුන්න
අද බිඳලන්නේ ඇයි සොඳුරියේ
මායම් කලාවේ
සායම් සිනාසේ
පායන් සඳේ මේ
පෙම් ගී රැයේ
පාලම් තොටේ දී
කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ
මේ යාමයේ
සංසාරයේ පෙරුමන් පුරා
ආලෙන් බැඳී ඉන්න වෑයම් කළා
අන්සතු නොවී ඔබ මගෙම වී
රැකගත්තෙ මා මේ ආදරේ
ඔබ මට දුන්න
යලි උදුරන්නේ ඇයි ප්රේමියේ
මා ජීවිතේ
ඔබ පණ දුන්න
අද බිඳලන්නේ ඇයි සොඳුරියේ
මායම් කලාවේ
සායම් සිනාසේ
පායන් සඳේ මේ
පෙම් ගී රැයේ
පාලම් තොටේ දී
කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ
මේ යාමයේ
මා දිහා
බලන් දිලිසෙනා නෙත් අගින්
ආඩම්බරේ
හැරදමා
සිනාසෙන්නකෝ ආදරෙන්
මායම් කලාවේ
සායම් සිනාසේ
පායන් සඳේ මේ
පෙම් ගී රැයේ
පාලම් තොටේ දී
කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ
මායම් කලාවේ
සායම් සිනාසේ
පායන් සඳේ මේ
පෙම් ගී රැයේ
පාලම් තොටේ දී
කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ
මේ යාමයේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri