Sunil Perera - Saima Cut Vela şarkı sözleri
Sanatçı:
Sunil Perera
albüm: Saima Cut Vela
නිකන් බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා
කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹෙ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹෙ ඩාලිං සයිමා කට් වෙලා
අද පඩි හින්දා සොමියට හිත ගිය හින්දා
යාළුවො කැන්දා තරඟෙට බිව්වද මන්දා
අනේ නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා
මේ බොන්නට බැරි සයිමා මොකට බිව්වද මන්දා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹෙ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්කො විමලා
අනේ උඹෙ ඩාලිං සයිමා කට් වෙලා
කසාද බැඳලා අවුරුදු දෙක ගතවීලා
දරුවෙකු ලැබිලා නැත ගෙයි කලඑලි වීලා
අයියෝ ඒගැන හිතලද කොහෙදෝ සයිමන් බීලා
නුඹ විගහට පැනලා වෙදකම් කරපන් විමලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹෙ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹෙ ඩාලිං සයිමා කට් වෙලා
උඹ තව අඬලා මොකටද පල නැත විමලා
සයිමට වැදිලා කරපට් වෙන්නට වැදිලා
මොකටද බැනලා වැඩකට නැහැ නොවැ බැනලා
ඔය දෙහි ටික හදලා විගහට පොවපන් විමලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹෙ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹෙ ඩාලිං සයිමා කට් වෙලා
බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා
කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹෙ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා
අනේ උඹෙ ඩාලිං සයිමා කට් වෙලා
උඹෙ පෙම්බර සයිමා කට් වෙලා
සයිමා...
විමලගෙ සයිමා කට් වෙලා
සයිමා කට් වෙලා...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri