Kishore Kumar Hits

W. D. Amaradeva - Obe Namin şarkı sözleri

Sanatçı: W. D. Amaradeva

albüm: Swarna Wimanaya


ඔබේ නමින් සෑය බඳිමි -
විමානයෙන් බසිනු මැනවි...
ඔබේ නමින් සෑය බඳිමි -
විමානයෙන් බසිනු මැනවි .
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ.
ඔබේ නමින් සෑය බඳිමි -
විමානයෙන් බසිනු මැනවි...
උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසී ලියේ .
නගා ඉන්ද්ර චාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ .
වනා ලමැද කිණිහිරි පෙති
රත්නතිලක පැලදි ලියේ .
සිනාසිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ .
අතේ ගිගිරි නාදසලඹ නුරා හඬින් හඬන ලියේ .
කරේ පද්ම කැකුළු මාල
හංස තුඩින් පිපෙන ලියේ .
කනේ තෝඩු මිණ ඝන රන්
මූණ ඔපය කරන ලියේ .
පමානොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ ...
බාල චන්ද්ර පටුනලලත
අලක පඬුන් රඟන ලියේ .
ආලවඩන දන්තැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ .
දෑල දෑත ස්වර්ණදාම පාන හඬට සැලෙන ලියේ .
කෝලොවී විමානයේ බසින්න ස්වර්ණමාලියේ ...
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ...
ඔබේ නමින් සෑය බඳිමි -
විමානයෙන් බසිනු මැනවි...
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ.

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar