Kishore Kumar Hits

W. D. Amaradeva - Dathe Elli şarkı sözleri

Sanatçı: W. D. Amaradeva

albüm: Vali Thala Athare


දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණිය නේ
කාලයෙ රිය සක මහළු මගෙන් ඔබ
ඈතට ගෙන යන්නේ
දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණිය නේ
කාලයේ රිය සක මහළු මගෙන්
ඔබ ඈතට ගෙන යන්නේ
බොළඳ මියුරු බස් සවන් නිවාලූ
කැකුළු සිනා රස සිත සනහාලූ
බොළඳ මියුරු බස් සවන් නිවාලූ
කැකුළු සිනා රස සිත සනහාලූ
අතීත සිහිනය බොඳවී දියවී
ඈතට පාවෙන්නේ
ඈතට පාවෙන්නේ
දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණිය නේ
කාලයේ රිය සක මහළු මගෙන් ඔබ
ඈතට ගෙන යන්නේ
පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළවූ සිත පිනවූ
පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළවූ සිත පිනවූ
මතක වරායෙන් නොපෙනෙන ඈතට
වැලි බත පාවෙන්නේ
වැලි බත පාවෙන්නේ
දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණිය නේ
කාලයේ රිය සක මහළු මගෙන් ඔබ
ඈතට ගෙන යන්නේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar