W. D. Amaradeva - Mala Hiru Basina şarkı sözleri
Sanatçı:
W. D. Amaradeva
albüm: Bambareku Avai
මළ හිරු බසිනා, සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්.ම්.ම්...
♪
අඳුරට ඉඩදී, අඳුරේ සැඟවී
♪
අඳුරට ඉඩදී, අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී, මම යන්නම්
♪
නිදි නැති යහනේ, රෑ යාමේ
කාංසියේ ඔබ හිඳිනා වේලේ
නිදි නැති යහනේ, රෑ යාමේ
කාංසියේ ඔබ හිඳිනා වේලේ
සුළඟේ දැවටී ඔබට හොරෙන්
සුළඟේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැලි දෑතින්, ඔබ හිස අතගා
♪
සියුමැලි දෑතින්, ඔබ හිස අතගා
ඔබ නිදි කරවා, මම යන්නම්
♪
අළුයම පිබිදෙන, ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුලක් රඳවා
අළුයම පිබිදෙන, ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුලක් රඳවා
සුසුමක් වාගේ, ඉන් පිටවී
සුසුමක් වාගේ, ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩදී, අඳුරේ සැඟවී
♪
අඳුරට ඉඩදී, අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී, මම යන්නම්
♪
ඔබගෙන් වෙන්වී, මම යන්නම්
♪
ඔබගෙන් වෙන්වී, මම යන්නම්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri