සද පායන ලස්සන සීතල දවසක
රන් තරු වැනි ඔය ඇස් දෙක පවසන
මින් පෙර නොඇසුව රහසක් මට ඇසුනා
නා දලු වන් ඔය සියුමැලි තොල් මත
පොපියන හසරැලි අතරේ සැගවුන
පැතුමද සෙනෙහස බවනම් මට හිතුනා
මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්
ඔය දෑස මාගෙ දෑස ගාව රන්දා
ඔබ කීව රහස ආදරේද මන්දා
හිනැහෙන්න මාගෙ දෑතෙ දෑත රන්දා
නැහැනේ මා සිතේ ඉවසුම්
සොයමී ඔබගේ උනුසුම්
හැමදාම උන්නෙ පාලුවේම හින්දා
වෙන් වී නොයන්න වේදනාව රන්දා
මා ගාව ඉන්න ආදරේම කැන්දා
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උනුසුම්
මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්
මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri