ලියතඹරා මල ඔබද ලඳේ
මා වසඟයක් කෙරූ...
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ...
ලියතඹරා මල ඔබද ලඳේ
මා වසඟයක් කෙරූ...
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ...
අවිහිංසක දෑසේ කඳුලැල් දැක
මා ගැනවත් නොසිතා...
මිතුරන් කීවත් නොඅසා ඔබ ගැන
සහසක් පැතුම් පතා...
පුදදුන් සෙනෙහස එතනම මියැදී
මා වූවාද මුලා...
ලියතඹරා මල ඔබද ලඳේ
මා වසඟයක් කෙරූ...
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ...
කෙනෙක් ඇසුරු කර තවෙකෙක් පතනා
ඔබ යයි මඟක මුලා...
සුපිපුනු හදමල් මෙලෙසින් සිඳ බිඳ යන්නෙ ඇයද පෙලා...
මෙතුවක් බැඳි සෙනෙහස නාමෙන් හෝ ඔබ වෙතට දෙමි සමා...
ලියතඹරා මල ඔබද ලඳේ
මා වසඟයක් කෙරූ...
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri