Rookantha Goonatillake - Ape Pothe şarkı sözleri
Sanatçı:
Rookantha Goonatillake
albüm: Charuka
අපේ පොතේ ලියා ඇතී
කියුම් තමයි මෙසේ කියන්නේ
හිතේ ඇතී මැකී නැතී
මෙවන් වදන් බොහෝ වටින්නේ
හිතා මතා බැලූ කෙනා
නැතේ නැතේ පරාද වෙන්නේ
ඇතා නැතා හිතූ කෙනා
අනාගතේ ලොවේ දිනන්නේ
එදා පවා මෙදා පවා
රටක් වටින අපේ කතා
ගමේ රටේ තොටේ ඇහෙන්නේ
දුන්නු අතත් හපා දමා
අඟත් කකා කනත් කකා
හිතු මතේ ඔහේ දුවන්නේ
අනේ එවන් බොහෝ දෙනා
තවත් අපේ සමාජයේ
කැපී පෙනී සැපේ හිඳින්නේ
මෙකී නොකී අපේ කතා
මේවා අපේ අපේ කතානේ
සමහරු ඒවී හිතවත් කම් පෙන්නා
මග අහුරාවී ඒ මොකදෝ මන්දා
පැරදෙනු නෑනේ සූස්තරේ දන්නා
කිසිවෙකු ලෝකේ සාස්තරේ හින්දා
මේ වගේ කතා රැඳේවී සෑමදා හදේ
ජීවිතේ පුරා අගේ දැනේ
ඒ ඒ ඒ
අපේ පොතේ ලියා ඇතී
කියුම් තමයි මෙසේ කියන්නේ
හිතේ ඇතී මැකී නැතී
මෙවන් වදන් බොහෝ වටින්නේ
හිතා මතා බැලූ කෙනා
නැතේ නැතේ පරාද වෙන්නේ
ඇතා නැතා හිතූ කෙනා
අනාගතේ ලොවේ දිනන්නේ
එනකොට ආවේ තුත්තිරි ගහ අල්ලා
යලි යන කාලේ ඒ මතකේ බින්ඳා
තව සමහරු මේ කා ගන්නේ ඉල්ලා
වැරදුනු විටදී යාවී ලබා හින්ඳා
මේ වගේ කතා රැඳේවී සෑමදා හදේ
ජීවිතේ පුරා අගේ දැනේ
ඒ ඒ ඒ
අපේ පොතේ ලියා ඇතී
කියුම් තමයි මෙසේ කියන්නේ
හිතේ ඇතී මැකී නැතී
මෙවන් වදන් බොහෝ වටින්නේ
හිතා මතා බැලූ කෙනා
නැතේ නැතේ පරාද වෙන්නේ
ඇතා නැතා හිතූ කෙනා
අනාගතේ ලොවේ දිනන්නේ
එදා පවා මෙදා පවා
රටක් වටින අපේ කතා
ගමේ රටේ තොටේ ඇහෙන්නේ
දුන්නු අතත් හපා දමා
අඟත් කකා කනත් කකා
හිතු මතේ ඔහේ දුවන්නේ
අනේ එවන් බොහෝ දෙනා
තවත් අපේ සමාජයේ
කැපී පෙනී සැපේ හිඳින්නේ
මෙකී නොකී අපේ කතා
මේවා අපේ අපේ කතානේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri