රන් මාලයක් ගෙනල්ලා
ඔබගේ ගෙලේ පලඳලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
ජය මංගලම් සුබ මංගලම්
ගීත රැව් දෙනවා
සුබ මංගලම් ජය මංගලම්
පැතුමන් ලැබෙනවා
දෙමව්පියන්ගෙන් වෙන් වී යන දිනය අදයි
අපේම පුංචි කැදැල්ලේ තනි වෙන්න ළඟයි
අතීතයේ සුබ සිහිනේ ඉටු වන දවසයි
මෙලොව වසන තුරු මා හදවත ඔබේ ලඟයි
ජය මංගලම් සුබ මංගලම්
ගීත රැව් දෙනවා
සුබ මංගලම් ජය මංගලම්
පැතුමන් ලැබෙනවා
නෑදෑ මිතුරන් අපගේ අද එකතු වෙලා
ආසිරි වරුසා පතලා අප සතුටු කලා
අදින් පසුව දිවි ගමනේ යමු අපි දෙදෙනා
දුකයි සැපයි එකසේ මිහිරියි හොඳයි කියා
රන් මාලයක් ගෙනල්ලා
ඔබගේ ගෙලේ පලඳලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
ජය මංගලම් සුබ මංගලම්
ගීත රැව් දෙනවා
සුබ මංගලම් ජය මංගලම්
පැතුමන් ලැබෙනවා
ජය මංගලම් සුබ මංගලම්
ගීත රැව් දෙනවා
සුබ මංගලම් ජය මංගලම්
පැතුමන් ලැබෙනවා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri