Kishore Kumar Hits

Bhashi Devanga - Viramayak - Garden Acoustic Version şarkı sözleri

Sanatçı: Bhashi Devanga

albüm: Viramayak (Garden Acoustic Version)


පෙම්වන්තී අතීතය විරාමයක්
දෙසිත් නතර කල
පෙම්වත් වී ගෙවූ ඒ සුයාමයත්
ඒද මතකෙට
නෑසේවා බිඳක් බිඳී සැලෙයි
සුසුම්ද සිර කල
නුදුරේ මා වුවත් දුරක් ගියේ
නුඹයි නිහඬවම

හිත බැඳි ස්නේහවන්ති නුඹ
වැඩිපුර ආලවන්ත වුන
උණුහුම් තාල ගේන හිත
හෙමින් සැලුනා පෙමින් බැඳුනා
විරසක හීන මංසලක
නැවතුනේ මා නොවෙයි ඒ ඔබ
නුහුරු නුපුරුදුව ඈත දුර
ගිහින් තිබුනා පෙමින් බැඳුනා

විඳගත් හාදුවේ
දුන් නිකැළැල් ආදරේ
බිඳුවක් මා ළයේ
නුඹ සොයනා
ඇරයුම් නොකළ පෙම් සාදේ
නුඹ කෝ අහිමි සඳ මාගේ
පිලියම් සොයමි තුන් යාමේ
තහනම් වචනයකි ආලේ

හිත බැඳි ස්නේහවන්ති නුඹ
වැඩිපුර ආලවන්ත වුන
උණුහුම් තාල ගේන හිත
හෙමින් සැලුනා පෙමින් බැඳුනා
විරසක හීන මංසලක
නැවතුනේ මා නොවෙයි ඒ ඔබ
නුහුරු නුපුරුදුව ඈත දුර
ගිහින් තිබුනා පෙමින් බැඳුනා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar