Kishore Kumar Hits

Gayya - Hithana Tharam şarkı sözleri

Sanatçı: Gayya

albüm: Hithana Tharam


හිතන තරම්
මගෙ හිත හඬනතරම්
ඔබ මට කියූ වදන්
මට ඇහෙන තරම්
නිල් අහස බලන්
සිහින අපි මැව්ව තරම්
දිවුරුවේ මියදෙන්නට නම්
වෙන කෙනෙකු ඇයි තුරුලු කරන්
මගෙ ලේ දහඩියෙන් පොළොව තෙමුවා
මුලු දිවියම කැප කෙරුවා
ඔබට
ඔබට
ඔබට
මතක නැතිද?
ඔබට
ඔබට
ඔබට
මතක නැතිද?
වැහි අකුණු කොටන්
සුලඟ එයි ඔබෙ සුවඳ අරන්
දුක් ගිණි හදේ දරන්
ඔබව සෙව්වා හතර වරන්
කඳුලු සැලෙයි පිටාරගලන්
දෙවියො නෑ මට දෙන්නෙ සවන්
එක් මොහොත කල්පයක් තරම්
හැඟෙයි ඔබ ගිය දිනය පටන්
මගෙ ලේ දහඩියෙන් පොළොව තෙමුවා
මුලු දිවියම කැප කෙරුවා
ඔබට
ඔබට
ඔබට
මතක නැතිද?
ඔබට
ඔබට
ඔබට
මතක නැතිද?
Manasick!
උඹ ඇවිත් ගිය සැනින් මගේ ළයමඩලම පාරා කලා සංකරයක්
ඒ මොහොත කල්පයක් කල, කාලය!! උඹෙත් නෑ සංවරයක්
අපේ මතකයන් මැදියමේ ලුහු බඳී බැඳ ගනින් උඹ යන්තරයක්
හෘදසාක්ෂිය පහර දෙයි සොඳුර හොයාගනින් දැන් බංකරයක්
මගේ තුරුලෙම ඉඳන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා
සඳ උඹේ, රැයේ තැවරුණු වළාබැමි
දහවල පෙනෙයි මට කිලිටු වෙලා
උඹ අතරමං කරපු කඳුලැලි පවා හොයයි
ගලන්න මංමාවත්
උදුරාගෙන ගියා මගේ පියාපත් සුනු විසුනුව ගැටුනා උඹ සප්ත කන්යාවක්
සුන්බුන් වුනු හද මගේ අතු ගාල දැම්ම උඹ පෑල දොරෙන්
මගේ දහදියේ කිමිදිලා වෙනකෙකු එක්ක උඹ නෑවත් හොරෙන්
අපි ගැන්න තරු, තකහනිකයක් විත් කේලම් කිව්වේ උඹව අඳුනාගෙන
සඳ සයනක ගත වෙද්දී මුලු රැයක් ඇවිලෙන්නේ හිරු කරබාගෙන
උඹ උදුරගත්තේ මගේ සේසත බිඳලයි පපු කැටයෙන්
ඔය දෑසම උඹේ තීරණ ගැන දොස් කිව්වා මා එක්ක සැකයෙන්
එදා මා ලියූ දුක් ගැනිවිලි කොලවල, සදාදර උඹේ මතක ඔතන්
මෙහෙ අදිනවා මං, යදිනවා උඹේ සයනට
වැහි අකුණු කොටන්!!
සුලග එයි ඔබේ සුවඳ අරන්
දුක් ගිනි හදේ දරන්
ඔබව සෙව්වා හතර වරන්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar