Kishore Kumar Hits

SANUKA - Awasan Satana (Plain Tea Version) şarkı sözleri

Sanatçı: SANUKA

albüm: Plain Tea


අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ

නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි
අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ

මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී

පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි
අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar