හීන යායක් ඇයි පායා
නොමැතිදා මා
පාට සේයා
ලංව ඇයිදෝ චෝදනා
වේදිකාවේ ඇඳි රේඛා
නොදැන බෝමා
නොවුන ආශා
කවම දා නෑ තේරිලා
පැතුවේ හැමදා දුර මායා
හිතුවේ නෑනේ මා
රිදුනේ ඇයිදෝ ඇසුවේ මං
නොදැනේ හේතු නම්
මාත් නොදැන තුන් දොරින් කලා පව්
මං මාවත් තුල අතරමං වෙලා ගනන් ගව්
හීන තාමත් සොයයි මාව මම තුලින්
මං ආවා මේකෙ දුරක් අවසානේ සොයන් තුටින්
අන්දකාරෙ තුලින් හෙව්වා මගක්
මිදෙන්න කටු කම්කටුලු තුලින් දැක්කා තවත්
මිනිස්සු අද ඉන්න තැන නෙමේ ඉන්නේ හෙටත්
සිහි තබා ගනිව් මේ මාවතේ මාත් යාවි දුරක් තනියෙන්
හීන යායක් ඇයි පායා
නොමැතිදා මා
පාට සේයා
ලංව ඇයිදෝ චෝදනා
වේදිකාවේ ඇඳි රේඛා
නොදැන බෝමා
නොවුන ආශා
කවම දා නෑ තේරිලා
කරන් මේ මගේ හිතම මටම මාලිමාවක්
නොදැන යන්නේ මේ ගමන මගේ දාරිතාවත්
නවතින්නෑ ඉදිරියෙන් කවුරු ආවාත් නාවත්
මිදෙන්න අඳුරින් මං මා තුළින්ම සොයයි මාවත්
සැනසුම නැතිම තැන පසුතැවීම් මැද මං හෙව්වා මේ හීනෙට ඉඩක්
නොවී බරක් මේ ගෙන්දගම් පොලොවට යන දාට යාවි
තැනක් හදන්
මගෙම ලොවක වෙලා මං අතරමං දුවයි හීන පස්සෙ තාම තරු ගැනන්
අවසානේ දුරු කරන් අඳුරුම තැන් මං යාවි ඒ හීනෙට ආලෝකයක් අරන්
නවතින්නේ කොතන? හිත රැඳුනු තැනක සෑමදාම
ඒ මගෙම වචන මටම අවියක් නසන්න
කාරණාව මනස දොඩන
"ඇයි උඹට බැරි? මේක උඹට උරුම වේදිකාව"
කලු සුදු හීන කරන්න පාට එන්නම් මං ආයෙත් මගෙ පාරෙන්
කඩා දැම්මා බැමි මම හරස් වුණු
මකා දැම්මා ඒ මතක වහක් වුණු
වළ දැම්මා ඒ අතීතෙ මටම නොපෙනූ කාලේ ඒ හිතට වහල් වුණු
නොසිතූ දේ - සිදුවේවි නොදැකපු දේ
නැවතුනු ගමනක මේ - යාවි මං සොයාන හීන ඒ
පැතුව දේ - සැමවිටම සිදු නොවේ
මේ ජීවිකාවෙ දැක්කා ඇත්ත වින්දා මං සෑම දේ
හීන යායක් ඇයි පායා
නොමැතිදා මා
පාට සේයා
ලංව ඇයිදෝ චෝදනා
වේදිකාවේ ඇඳි රේඛා
නොදැන බෝමා
නොවුන ආශා
කවම දා නෑ තේරිලා
පැතුවේ හැමදා දුර මායා
හිතුවේ නෑනේ මා
රිදුනේ ඇයිදෝ ඇසුවේ මං
නොදැනේ හේතු නම්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri