Surendra Perera - Duhul Meedume şarkı sözleri
Sanatçı:
Surendra Perera
albüm: Me Jeewanaye
දුහුල් මීදුමේ සිහිල් මාරුතේ
නදී නිම්නයේ රුවක් ඉන්නවා
ඒ රූප නාරී හිදී නෙත් හැරන්
රුවිනාර සෙනෙහේ හැගුම් මත්වෙමින්
මට තාම සීතයි මගේ රත්තරන්...
ගස වට කරලා මේ මල් පිපුණා
අතු ඉති සැදුණා හැම දවසේ
ඇයි අද වාගේ පෙර කවදා හෝ
විසිතුරු නැත්තේ මේ පියසේ...
ලිහිණි කුරුල්ලෝ අදයි ගෙනාවේ
පෙම් කව ලියැවුණු පොත අපගේ
සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ
මෙවන් නිල් වළා සෙමින් ළං වෙලා
රටාවන් අදී වළා මණ්ඩලේ
කවුරුන්ද ඇදුණේ එවන් රූ තුළින්
ඒ මාද නැහැනේ ඔබයි ඒ ළදුන්
මට තාම සීතයි මගේ රත්තරන්...
පද්ම කුමාරි පද්ම වනේහි
මේ ලස්සන පෙර නෑ දුටුවේ
මිටියාවතෙහි දිය රැළි අතරින්
අප මේ ලෙස පෙර නෑ බැලුවේ...
ඇගිලි අගින් හෝ වදින පවන්හි
ඉන්න එපා ඔබ මට නොදැනී
සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ
දුහුල් මීදුමේ සිහිල් මාරුතේ
නදී නිම්නයේ රුවක් ඉන්නවා
ඒ රූප නාරී හිදී නෙත් හැරන්
රුවිනාර සෙනෙහේ හැගුම් මත්වෙමින්
මට තාම සීතයි මගේ රත්තරන්...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri