Kishore Kumar Hits

Surendra Perera - Meedum wasanthe şarkı sözleri

Sanatçı: Surendra Perera

albüm: Wahi pabalu


මීදුම් වසන්තේ සීතත් දැනේවි
පංච පියුම් යහනේ
වස්සන්න වරුසා කුසුම් වසන්තයේ
මගෙ පෙම් කුමරී
මා තමා
ගිම්හාන සැන්දෑ ඔබේ පෙම් සමීපේ
සීතල මට නොදැනේ
ඔබගාව හිඳිනා තුරා තුරුලේ ඔබේ
මගෙ පෙම් කුමරා
මා තමා
පෙම් කුසලානේ මා ළමැද හැංගිලා
ආශා ඔබගේ මධු බොන්න ලංවෙලා
මා වත සඟවා ලැම හංසයින් මැදින්
සැතපෙන්නේ මා ආනන්ද සීනයෙන්
මේ වාසනා පෙම් ජිවිතේ
උතුරා ගලයි මධු මිවිතේ
අපි ගයමු ආදරේ ගී
හොඳටෝම ලංවෙලා
සඳ නෞකාවේ සාගර තරංගයේ
කොහෙ හෝ යමුකෝ
මේ ශාන්ත රාත්රියේ
අපි දෙන්නමයි වෙන කවුරු හෝ එපා
තනිවෙන්න යමුකෝ අහසේ වළාකුලේ
මල් රේණු හා සමනල්ලු සේ
ඉන්නයි කියා සිත කිවාදෝ
අපි දෙන්නාගේම ලෝකේ
ඉඳිමු නුවන් පියා
මීදුම් වසන්තේ සීතත් දැනේවි
පංච පියුම් යහනේ
වස්සන්න වරුසා කුසුම් වසන්තයේ
මගෙ පෙම් කුමරී
මා තමා
මගෙ පෙම් කුමරා
මා තමා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar