Viraj Perera - Hemin Sare şarkı sözleri
Sanatçı:
Viraj Perera
albüm: Hemin Sare
හෙමින් සැරේ ඇවිත් ඔයා
මගෙ කණට කොඳුරලා ගියා
ඔයා මගෙයි වෙන කාගෙවත් නොවෙයි කියා
සිතින් අනේ පතන්නෙ මා
ඔයත් මගේම වෙන්න කියා
ඔයා රකින්න මාගේ ජීවිතේ පුරා
කවුරුන් බලා සිටියත් ඔබේ ළඟට ඇවිත්
දෙතොල් ඔබේ සිපගන්න හිතෙනවා
කවුරුන් හිනා වුණත් අනේ රත්තරන්
ඔයා දිහා බලා ඉන්න හිතෙනවා
හිතේ හැගුම් ගොඩක් තියන්
ඔයා දිහා බලාන ඉන්න ජීවිතේ කෙටියි සිතෙනවා
හෙමින් සැරේ ඇවිත් ඔයා
මගෙ කණට කොඳුරලා ගියා
ඔයා මගෙයි වෙන කාගෙවත් නොවේ කියා
මේ අහස තරම් දුර සිත් අහසේ
තනි වූවොතින් දැනෙයි මගේ ආදරේ
මේ සයුර තරම් රුදු හද ගැඹුරේ
ගිලූනෝතින් දැනෙයි මගේ ආදරේ
හදේ සිතුම් වැලක් කඩා ගීතෙකින් ලියා ගොතා
ඔයා ළඟින් තියන්නම් ආදරෙන් රත්තරන්
හෙමින් සැරේ ඇවිත් ඔයා
මගෙ කණට කොඳුරලා ගියා
ඔයා මගෙයි වෙන කාගෙවත් නොවේ කියා
සිතින් අනේ පතන්නෙ මා
ඔයත් මගේම වෙන්න කියා
ඔයා රකින්න මාගේ ජීවිතේ පුරා
ලා ලා ලා ල ල ල ලා ලා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri