Chamika sirimanna - Sanda Rajiniye şarkı sözleri
Sanatçı:
Chamika sirimanna
albüm: Sanda Rajiniye
සද රැජිනියෙ ඔබ හිරිපොද වැස්ස අරන්
මගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින්
හිම කැට වාගේ වැගිරෙන කදුලු අරන්
ඔබ ඈ වෙත යන්න ගිහින්
පෙම් සිතක් පතාගෙන මා හඩනා හැටි
කියලා දෙන්න ඉතින්
කියලා දෙන්න ඉතින්
Instrumental
හැම ආත්මෙදිම ඔබ දුන්න කදුලු කැට
මට තාමත් මතකයි මට අද වාගෙම මතකයි
ඒ සුවදා මගෙන් දුර ඈතට යනකොට
මං හැඩුවේ ඒකයි හැඩුවේ හැපුනේ ඒකයි
බැහැ මට ඉන්නට බැහැ
ඔබ නැති ලෝකය කලුවර අහස වගෙයි
මේ ඔබ එනවා නම් කොතෙක් කලක් හරි
බලා ඉන්න ආසයි මග බලා ඉන්න ආසයි
Instrumental
එක රාත්රියක මහ නපුරු හීනයක්
මට අනතුරු අගවයි ඔබ අන්සතු බව පවසයි
එය හීනයක්ම පමණක් වේවා යැයි
මගෙ හදවත් මුමුනයි හැමතිස්සෙම හිත මුමුනයි
නැහැ මම ඉන්නෙම නැහැ
ඔබ මට නැත්නම් හදවත හඩා වැටෙයි
නෑ ඔබ එනවාමයි ඇස් දෙක වගෙ මට ඒ ගැන විශ්වාසයි මට ඒ ගැන විශ්වාසයි
සද රැජිනියෙ ඔබ හිරිපොද වැස්ස අරන්
මගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින්
හිම කැට වාගේ වැගිරෙන කදුලු අරන්
ඔබ ඈ වෙත යන්න ගිහින්
පෙම් සිතක් පතාගෙන මා හඩනා හැටි
කියලා දෙන්න ඉතින්
කියලා දෙන්න ඉතින්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri