Kishore Kumar Hits

Manjula Pushpakumara - Sanda langa şarkı sözleri

Sanatçı: Manjula Pushpakumara

albüm: Sindagana


සඳ ලඟ, තරු ලඟ සිත රැඳුනා
මුතු ළඟ සිනහවේ වැසි වැටුනා
අහසක් වගේ පෙනෙනා
තරුවක් සිතේ පිපුණා
තනිකම සිතයට ඉකි ගසනා
හෙමිහිට හැම විට නුඹ පැතුවා
කෙළිලොල් නුවන් මවනා
නොයිඳුල් සිතුම් පිරුණා

දෙව් සිරියෙන් වැඩසිටියේ
මා සිත නුඹට බැඳී
හද කුටියේ සීගිරියේ
ගී ඇත කුරුටු ගැසූ
නුඹ මාගේ හද අරගන්
ළඟපාත ඉඳ හිනැහෙන්
පුර පෝය සඳ විලසින්
සිත් යාය මත පායන්

සිත් පතුලේ දිය සුලියේ
සිතුවිලි නුඹට රිසි
ආල රැයේ සිහින පිපේ
හීලෑ නොමැති සිතේ
ඔය දෑස කවි දහසක්
මුතු සීන මල් යායක්
තොල් සිඹින තත්පරයත්
රතු රෝස අක්කරයක්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar