Manjula Pushpakumara - Dedunu dekak şarkı sözleri
Sanatçı:
Manjula Pushpakumara
albüm: Sindagana
දේදුණු දෙකක් පායා එබී
එකවර වැහිබර අහස් ගැබින්
දෙදෙනෙක් ඇවිත් දෑසට එබී
අවදි කරන සේ...
මනස මගේ
එක හිත යදියි දෙපසට අදිමින්
නිමල පෙමක් ගැන මතුරමින්
එක හිත යදියි දෙපසට අදිමින්
නිමල පෙමක් ගැන මතුරමින්
හමු වුණොතින් හිමි වීමකින්
නිම විය යුතුම ද එක් වීමකින්
පොඩි වරදකින් වෙන් වූවොතින්
විඳවිය යුතුම ද ලොකු දුකකින්
එක හිත යදියි දෙපසට අදිමින්
නිමල පෙමක් ගැන මතුරමින්
පුරනා තරම් අපමණ පෙරුමන්
ඉටු විය යුතුම ද එක් වීමකින්
දෙදෙනකු නමින් කැප වූවොතින්
පෙම් කළ යුතුම ද එක හිතකින්
එක හිත යදියි දෙපසට අදිමින්
නිමල පෙමක් ගැන මතුරමින්
දේදුණු දෙකක් පායා එබී
එකවර වැහිබර අහස් ගැබින්
දෙදෙනෙක් ඇවිත් දෑසට එබී
අවදි කරන සේ...
මනස මගේ
එක හිත යදියි දෙපසට අදිමින්
නිමල පෙමක් ගැන මතුරමින්
එක හිත යදියි දෙපසට අදිමින්
නිමල පෙමක් ගැන මතුරමින්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri