දෙවියන් දුටිමි මා මිහිපිටදීම මෙමා
මට ජීවිතය දුන් පින් කඳ තාත්තා
මා දුටු ලෝකයේ විරුවා ඔබ තමා
දරු සෙනෙහින් පිරි උල්පත ඔබ තමා
සංසාරේ හැමදාකම
ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැදවටිලා
දෙවියන් ලගම
ඔබ වෙනවද තාත්තා
මට හැම ආත්මේම
පුතෙකුට සදහටම තම වීරයා වෙලා
ඉන්නේ වෙන කවුරුද තාත්තා විනා
මට දුක් දුන්නේ නෑ ඔබ සැප වින්දේ නෑ
ආඩම්බරයි ඔබ මගේම කියන්න
මගේ තාත්තා කියන්න
සංසාරේ හැමදාකම
ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැදවටිලා
දෙවියන් ලගම
ඔබ වෙනවද තාත්තා
මට හැම ආත්මේම
පොත පත දැනුම නොවේ මට සරණ උනේ
ඔය ඔවදන්ම තමා මග පෙන්වුයේ
මට මිතුරෙක් උනා හෙවනැල්ලක් උනා
ආසයි සදා ඔබ මගේම කියන්න
මගේ තාත්තා කියන්න
සංසාරේ හැමදාකම
ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැදවටිලා
දෙවියන් ලගම
ඔබ වෙනවද තාත්තා
මට හැම ආත්මේම
දෙවියන් දුටිමි මා මිහිපිටදීම මෙමා
මට ජීවිතය දුන් පින් කඳ තාත්තා
මා දුටු ලෝකයේ විරුවා ඔබ තමා
දරු සෙනෙහින් පිරි උල්පත ඔබ තමා
සංසාරේ හැමදාකම
ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැදවටිලා
දෙවියන් ලගම
ඔබ වෙනවද තාත්තා
මට හැම ආත්මේම
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri