පෙර කෙරූ පවට මගේ
නිමා කරදා ඇසුර අපේ
කඳුළු පුරවා ඔය දෙනෙතේ
ලොකු වැරැද්දක් මම කෙරුවේ
මේ ලොවේ හැම අතරේ
මාව තේරුම් ගෙන පණ සේ
එක කෙනයි මට හිටියේ
ඇත්තමයි ඔබමයි ඒ
අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් හා රැදී
පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී
අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් හා රැදී
පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී
♪
මන් මුලා කරමින්
මහා මුසා කියමින්
නිදහස මා විඳපූ තරම්
කිහිප වතාවක් මා සිහි කරලා
ලොවට හොරා අද පසු තැවුනා
අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් හා රැදී
පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී
අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් හා රැදී
පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී
♪
ලං වෙන්න නැවතත්
මා පෙරුම් පිරුවත්
රිදවන්න බෑ තවත් හිතක්
මේ භවයේ අපි ඉවසා
මතු භවයේ අපි වෙන්න පතා
අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් හා රැදී
පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී
අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් හා රැදී
පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri