Kalasoori Alhaj Mohideen Baig - Game Gode Sidhadiye şarkı sözleri
Sanatçı:
Kalasoori Alhaj Mohideen Baig
albüm: Sudo Sudu Ran
ගමේ ගොඩේ, සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි, බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ
ගමේ ගොඩේ, සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි, බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ
♪
රටා පැදුර විකුණගන්න
බුලත් පුවක් අරන් යන්න
සරමක් බැනියමක් ගන්න
ගොවි මහතුන් එකතුවන්න
ගමේ ගොඩේ, සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි, බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ
ගමේ ගොඩේ, සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි, බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ
♪
පොඩි පුතාට සීනිබෝල
පුංචි දුවට වළලු මාල
ලොකු දෝණිට සිනිඳු සේල
අරගෙන යයි ගමේ රාළ
ගමේ ගොඩේ, සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි, බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ
ගමේ ගොඩේ, සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි, බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ
♪
ගුරු මහතා යි, ගොවිරාල යි
කට්ටඩියා යි, වෙද රාළ යි
ගම මහගේ යි, පොඩි මැණිකේ යි
එක්වන කඩපොළ මේක යි
ගමේ ගොඩේ, සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි, බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ
ගමේ ගොඩේ, සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි, බඩු ගන්න යි පොළටයි ආවේ
මම පොළටයි ආවේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri