Kishore Kumar Hits

Chamara Fernando - Fiyona şarkı sözleri

Sanatçı: Chamara Fernando

albüm: Fiyona


ගගනත දෙදරා ගිගුරුම් නැගුනා
දිය රළ කළඹා මාරුත හැමුවා
සොඳුරිය හැරදා මා අද යනවා
ශෝකය විඳදරා, ගනු මැන ඉවසා
ෆියෝනා... ආදරේ, ආදරේ සිරකාරි

එක්ටැම් මැදුරය, මුරකා අතරය
රහසින් වැඩුනිය අසමත් ප්රේමය
මල්ඵල දැරුව ද සම්මත ප්රේමය
සිසිරය අභියස පත්ර වෙයි පතනය

රැකවල් වනසා, බන්ධන බිඳදා
පතිදම් කෙලෙසා, ඈතක පියඹා
කුමටද සොඳුරේ? සව්දිය පුරවා
ආදර මැදුරේ ගිණිදැල් අවුලා
ගගනත දෙදරා ගිගුරුම් නැගුනා
දිය රළ කළඹා මාරුත හැමුවා
සොඳුරිය හැරදා මා අද යනවා
ශෝකය විඳදරා, ගනු මැන ඉවසා
ෆියෝනා... ආදරේ, ආදරේ සිරකාරි

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar