Nimesh Kulasinghe - Hanga Gami şarkı sözleri
Sanatçı:
Nimesh Kulasinghe
albüm: Hanga Gami
හංගා ගමි ගැඹුරේම හදෙහි
මං ආදරේ උහුලා ගනිමි
මන්දාරමේ අඳුරේම තනිවී
දුන් හාදුවේ මතකේ සිඹිමි
අල්ලා අත පියාඹන්න දුර මන්දාකිණියේ
දැන් කාටද කියා දෙන්නෙ මගෙ නිල් මල් කුමාරියේ
සංසාරේ සියවරේ හමුවීලා තිබුණා
ලංවීලා හිතුමතේ ඔබ ආවා බැඳිලා
අංගාරා ගඟ වගේ හිත සීතේ නහවා
හැන්දෑවේ තනි මඟේ යනවදෝ නොකියා
♪
පය තබනා හැමවරේ ජීවිතේ දුර්ග මාවතේ
ඔබ හිටියා ළඟ රැඳී හීන ගානේ
මගහැරිලා කලුවරේ තනියෙන් දැන් මා
පාවිලා යාවීදෝ කොහේ
අල්ලා අත පියාඹන්න දුර මන්දාකිණියේ
දැන් කාටද කියා දෙන්නෙ මගෙ නිල් මල් කුමාරියේ
සුසුමේ රේණු තවරා කේශ නල ගානේ
ඔබ ආවේම සරසාලාම මගෙ හීනේ
කලු ආකාසෙ තරු නෑ වාගෙ හිත ආයේ
යනදා ඈත දැනෙනා තාම සඳ මාගේ
සංසාරේ සියවරේ හමුවීලා තිබුණා
ලංවීලා හිතුමතේ ඔබ ආවා බැඳිලා
අංගාරා ගඟ වගේ හිත සීතේ නහවා
හැන්දෑවේ තනි මඟේ යනවදෝ නොකියා
සංසාරේ සියවරේ හමුවීලා තිබුණා
ලංවීලා හිතුමතේ ඔබ ආවා බැඳිලා
අංගාරා ගඟ වගේ හිත සීතේ නහවා
හැන්දෑවේ තනි මඟේ යනවදෝ නොකියා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri