Kishore Kumar Hits

Chamel - Thuheena Heena şarkı sözleri

Sanatçı: Chamel

albüm: Thuheena Heena


හී සරයි රූ සඳයි
තුහීන හීන මාවතේ
නිමේෂයයි නිශාන්තයයි
සීත ශාන්ත යාමයේ
සඳකැන් උතුරා යයි
තරුවැල් උමතුයි
මල්කැන් බඹරිදු ළග
ආශාවෙන්
සුසුමන් උණුසුම් වී
දෙකොපුල් රතැඹුල් වී
උණුසුම් වෙන්නම් රෑ සඳ කුමරා එක්ක
මේ සඳයි නුඹයි මමයි නුඹයි
හී සරයි රූ සඳයි
තුහීන හීන මාවතේ
නිමේෂයයි නිශාන්තයයි
සීත ශාන්ත යාමයේ

උරතලය මත නිදන සුව නිම් නැති
හදමඩල කිටි, කිටිය නිම් හිම් නැති
ඕ, සුව ගේන ඔබ ප්රේම ඔසුවක් වැනි
හසරැල්ල නුඹ ගේන පවනක් මෙනී
ප්රේම සුවය රස ගොමුවක් වී
ආල තටාකෙක පිහිනමිනේ
නෙතු දකිනා රු කාන්තිය වී
රූප මවා පෙම් මතක දිගේ
මිහිරේ සුමියුරු
කුසුමේ සුපිපි
බඹරිඳු නුඹමයි
බිඟුරොන් සුවිදි
හී සරයි රූ සඳයි
තුහීන හීන මාවතේ
නිමේෂයයි නිශාන්තයයි
සීත ශාන්ත යාමයේ

දෙහදක් මත පිපෙන කුසුමක් ලෙසින්
තුන් හිතක සුව විඳින හැඟුමන් දරන්
හො-හො-හො, රසදුන් දැහැන් සොයමු සිත් එක්කරන්
අත්වැල් බැදන් ඇවිද යමු ගොමු මැදින්
ජීවන උයනක සිරිය විඳී
තාල සුසුම් එකිනෙක ගොතමී
සසර ගමන පිරි ඉතිර දැනී
හීන පුරමු ගගනත සුමිරී
නොහැගෙයි, නොදැනෙයි
හැගුමන් අමිලයි
රැය ඇයි මෙතරම්
තුරැණුයි සිනිඳුයි
හී සරයි රූ සඳයි
තුහීන හීන මාවතේ
නිමේෂයයි නිශාන්තයයි
සීත ශාන්ත යාමයේ
සඳකැන් උතුරා යයි
තරුවැල් උමතුයි
මල්කැන් බඹරිදු ළග
ආශාවෙන්
සුසුමන් උණුසුම් වී
දෙකොපුල් රතැඹුල් වී
උණුසුම් වෙන්නම් රෑ සඳ කුමරා එක්ක
මේ සඳයි නුඹයි මමයි නුඹයි
හී සරයි රූ සඳයි
හා හ හා, හා හ හහා
නිමේෂයයි නිශාන්තයයි
හා හ හා, හා හ හහා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar