Lil Enza - Kaale Thaale Range şarkı sözleri
Sanatçı:
Lil Enza
albüm: Kaale Thaale Range
සව්දිය පුරවා සරහා
ලෝදිය දහරා පරදා
විසිරේවා කරදිය කැළඹීලා
ජයබිම දුහුවිලි පතුරා
වෙඩිසැර පහරක අතුරා
රැව්දේවා ගුවනේ ජය ඝෝෂා
ධීරේ ජවේ දේවි සිහනාද බන්දා
ප්රාකාර බිමදා හෙළා
අභිමානයේ රාව කුසලානෙ රන්දා
සීමාව බිඳිමූ මෙදා
කාලේ තාලේ රඟේ
මායා වේගේ වගේ
හැම ඉනිමේ ම සිහිනේ තියේ
පෑයූ හිරු සේ දිලේ
ලංකා මාතා අපේ
හඬ දෙදරාවි ගැස්මේ හදේ
කාලේ තාලේ රඟේ
මායා වේගේ වගේ
හැම ඉනිමේ ම සිහිනේ තියේ
පෑයූ හිරු සේ දිලේ
ලංකා මාතා අපේ
හඬ දෙදරාවි ගැස්මේ හදේ
ලංකා මාතා නමය සැරදේවා
සිංහ දජයන් දස අත ලෙලදේවා
රැව්දේවා ජයා ගෝශා
හැම දිනයක අපෙ අම්මා දිනවේවා
එක අරමුණකින් අප සැම එකට
දහදිය අපතෙ නොයයි එක බිමක
මතුයම් දිනක
ලංකා මාතාවගෙ නම වැජඹෙයි ලෝකෙම උඩින් අංක එකට
We wanna say one name its Lanka
Boys gonna make us proud Sri Lanka
රට උද්යෝගයෙන් පිරේවා
සිනා වර්ශාවන් දැන් ඇද හැලේවා
විස්සයි විස්සේ හද රෑම ගැස්සේ
පල්ලම් බැස්සෙ හිත ඇතුලෙ දිස්නේ
දින ගැන්නෙ උමතුවෙන් මෙන් නේ
පසුබැස්සෙ නෑ සිංහ කොල්ලො අපෙ එලනේ
කරළිය කරවා දෙරණේ
දහදිය සුවඳේ විසිරේ
සැරදේවා ලෝකෙම වැජඹේවා
සිව්රඟ සේනා හරඹේ
හසරඟ දඟ පා මුවගේ
බෝ වේවා සුරුවිරු ජය මේලා
සයුරේ පවා ඈත නැගෙනා තරංගා
ලෙළ දේ අපේ ගර්ජනා
පිටියේ පුරා දේවි දසුනේ පැතුම් හා
ප්රතිරාව සුළඟේ අරා
කාලේ තාලේ රඟේ
මායා වේගේ වගේ
හැම ඉනිමේ ම සිහිනේ තියේ
පෑයූ හිරු සේ දිලේ
ලංකා මාතා අපේ
හඬ දෙදරාවි ගැස්මේ හදේ
කාලේ තාලේ රඟේ
මායා වේගේ වගේ
හැම ඉනිමේ ම සිහිනේ තියේ
පෑයූ හිරු සේ දිලේ
ලංකා මාතා අපේ
හඬ දෙදරාවි ගැස්මේ හදේ
හඬ දෙදරාවි ගැස්මේ හදේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri