Lil Enza - Manasin Dakapan şarkı sözleri
Sanatçı:
Lil Enza
albüm: Manasin Dakapan
Chanuli - Inrto
එක රුධිරය තුල සැදි මිනිසුන්නේ
ජාතිය කුලමල වෙනසක් නෑනේ
සාමය සමගිය දසඅත පැතිරේ
මිනිසත්කම මුළු ලොව බබලන්නේ
ප්රේමයේ සිනා අරන්
ධර්මය ලොව පතුරන්
ප්රේමයේ සිනා අරන්
ධර්මය ලොව පතුරන්
-Bridge-
සමඣ්ඣා හෙසා ලෝකස්මිං
නාමගොත්තං පකප්පිතං
සමුච්ච සමුදාගතං තත්ථ
තත්ථ පකප්පිතං
ජාති දෙධා ධනත්තද්ධෝ
ගොත්තද ධෝචත්තධෝ යෝනරෝ
සඣ්ඣාතිං අතිමඣ්ඣේති
තං පරාභවතෝ මුඛං
Lil Enza -Rap 01
ලොව දෙස
දෑස් ඇර බැලුවෙම්
මන තුල මං සිරවෙම්
සමදිටියෙන් ලොව නොදකිම්
බොරු මත තුල මං සිරවෙම්
ආත්මර්ථය සිතෙ වැළදන්
වාසිය ළග මං දෙවිවෙම්
සත්ය වැටහී ඇත දැන්
බොරුවෙන් ගැලවී යමි මං
Oneesha - Rap 02
මිනිසත්කම මරවන් ජාතියේ යුධගිනි අවුලන්
දේශපාලුවෝ රජකන් කරනා හැටි බලපන්
දේශෙට පෙමිනැයි උන් රගපාන
මල්කැකුළුත් නිති කරමිනි මිලින
ගැලවී එනු මැන මිරිඟුවේ දොරගින්
විවරිත මනසින් ලොව දෙස බලපන්
ධර්මය යනවග කියමින්
කුලයෙන් මලයෙන් මිනිසුන් බෙදමින්
සමාජ ධර්මය කෙලෙසා දමමින්
මිනිසුන් රගමඩලක රගදකිමින්
එකම දහමකි ලොව තුල ඇත්තේ
එකම කුලයකි එය මිහි සත්තේ
මිනිසත්කම ලොව බැබලිය යුත්තේ
වහල් නොවී සිතපන් දිව සත්තේ
Chanuli - Outro
අදුරෙන් එළියට මිනිසුන් එන්නේ
මෝහ පටල දෙනයින් ගලවන්නේ
ජාතිභේදයට තිත තබමින්නේ
මිනිසත්කම ලොව කිරුළු දරන්නේ
ප්රේමයේ සිනා අරන්
ධර්මය ලොව පතුරන්
ප්රේමයේ සිනා අරන්
ධර්මය ලොව පතුරන්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri