Hector Dias - Andura Gala Yana Horawe şarkı sözleri
Sanatçı:
Hector Dias
albüm: Rathriya
මා හද හැගුමන් ඔබට කියනවද
රහසින් කොඳුරාලා,
ප්රේමයෙ ගී පද සුලගට මුසුකොට,
ඉමු අපි හිනැහීලා
සුන්දර ඒ සිහින ඔබේ,
පුබුදමි සෙනෙහෙ වඩා.
අඳුර ගලා යන හෝරාවේ, සඳවත පීදෙන මේ යාමේ
අඳුර ගලා යන හෝරාවේ, සඳවත පීදෙන මේ යාමේ
මුව අග විකසිත උණුසුම් හැඟුමන්, ඔබට කියන්නයි මා ආවේ
රන්වන් පාටින් දිලිසෙන අහසට,
යමු අපි පියඹාලා
ඔබ රුව දුටු ඒ පින්බර සඳවත,
යයි අද පාවීලා
ආදරයක් තරුවැල් වී,
මුතුකැට වැහි වැහැලා.
අඳුර ගලා යන හෝරාවේ, සඳවත පීදෙන මේ යාමේ
අඳුර ගලා යන හෝරාවේ, සඳවත පීදෙන මේ යාමේ
මුව අග විකසිත උණුසුම් හැඟුමන්, ඔබට කියන්නයි මා ආවේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri