Shammi Fernando - Be Nawathanna şarkı sözleri
Sanatçı:
Shammi Fernando
albüm: Be Nawathanna - Single
බෑ නවතන්න
යන්නම ඕනේ නම් යන්න
ලේ වල තිබ්බ
ආදරෙ ඔබටයි උනුවෙච්ච
නෑ හිත මෙල්ල
වැලපෙනවා ඔබ ඉල්ල
මේ අහගන්න
ආදරෙ ඔබටයි මං තවම
ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
හැමදා හිඳින්න තැන තියාගෙන
ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
සැබෑම ප්රේමවන්තයෙක් මම
♪
සුළු කාලේ කෙරු ප්රේමේ
මහ මුහුඳක් සේ දැනුණේ
රත්තරනේ සිත් අරණේ
ඔබ විතරයි මට හිටියේ
ආස පාට අන්දවාලා සීරුවෙන් බලා
ආයෙ ආදරේ කියන්නෙ කාටදෝ මෙමා?
ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
හැමදා හිඳින්න තැන තියාගෙන
ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
සැබෑම ප්රේමවන්තයෙක් මම
♪
අඩමානේ තිබු ප්රේමේ
අවසානේ බව දැනුණේ
ඔය මුහුණේ අමනාපේ
මුල් පාරින් දුටු දිනයේ
ආදරේ මනින්න මන් බලන්න ඕන ද?
ජීවිතේ විදින්න දුක් විදින්න ඕන ද?
බෑ නවතන්න
යන්නම ඕනේ නම් යන්න
ලේ වල තිබ්බ
ආදරෙ ඔබටයි උනුවෙච්ච
නෑ හිත මෙල්ල
වැලපෙනවා ඔබ ඉල්ල
මේ අහගන්න
ආදරෙ ඔබටයි මං තවම
ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
හැමදා හිඳින්න තැන තියාගෙන
ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
සැබෑම ප්රේමවන්තයෙක් මම
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri