Chandraleka Perera - Kiri Ammawaru şarkı sözleri
Sanatçı:
Chandraleka Perera
albüm: Best of Chandralekha Perera, Vol. 01
කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා
නෙත නිදි වරමින්
කැත කුණු අත ගා
මම නුඹ හැදුවෙමි
දුක් විඳලා
එනමුදු කුසයේ
හොවමින් බිහිකර
ඇග ලේ කිරිකර නැත පොවලා
කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා
නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු බවයේ මා
දනට වඩින්නම්
නුඹ බිහි කර කිරි මව වීලා
කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri