රජ මැදුරක ඉපදී සිටියානම් නිඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹේ සිරි යහනේ
හීනෙන් හිනා නොවී මා
හඬවාපන් මේ රෑ යාමේ
පුංචි පැටික්කන් මඟ දිඟ හඬවන සිල්ලර රස කැවිලී
දුව යන ඉඟිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ
ඉදහිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුනු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඳවාපන් මේ රෑ යාමේ
රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද ඔබෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri