Kishore Kumar Hits

M S Fernando - Oba Dakina Dakina Dinaka Mahada şarkı sözleri

Sanatçı: M S Fernando

albüm: Ms Janappriya Gee


ඔබ දකින, දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති, සුසුදු, සුමුදු, සිනිඳු කුමුදු හිනාවේ
ඔබ දකින, දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති, සුසුදු, සුමුදු, සිනිඳු කුමුදු හිනාවේ
කුමුදු හිනාවේ
මේ පොකුණු තලාවේ
පොකුණු තලාවේ
කුමුදු හිනාවේ
මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
රන්වන් කැළුම් නංවලා
මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
බඳ වටලා සළු පටලා
සළු පටලා බඳ වටලා
ඔබ දකින, දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති, සුසුදු, සුමුදු, සිනිඳු කුමුදු හිනාවේ
ඔබ දකින, දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති, සුසුදු, සුමුදු, සිනිඳු කුමුදු හිනාවේ
කුමුදු හිනාවේ
මේ පොකුණු තලාවේ
මේ පොකුණු තලාවේ
කුමුදු හිනාවේ
පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
නිල් තරු දෑසේ හැංගිලා
පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
ඔබ නැති දා ලොව නැත මා
ඔබ නැති දා ලොව නැත මා
ඔබ දකින, දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති, සුසුදු, සුමුදු, සිනිඳු කුමුදු හිනාවේ
ඔබ දකින, දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති, සුසුදු, සුමුදු, සිනිඳු කුමුදු හිනාවේ
කුමුදු හිනාවේ
මේ පොකුණු තලාවේ
මේ පොකුණු තලාවේ
කුමුදු හිනාවේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar