M S Fernando - Nelum Male Pethi Kadala şarkı sözleri
Sanatçı:
M S Fernando
albüm: Ms Janappriya Gee
නෙළුම් මලේ පෙති කඩලා
ඔරුව සදාලා
වළාකුලෙන් රුවල් දමාලා
බාලොලියා මල් නටුවෙන්
හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
සුරංගනා ලෝකෙදි මම
සුළඟක් වීලා
ඔබ නලවමි පවන් සලාලා
පොකුණකට වෙලා මම මල්
කැකුළක් වීලා
සුවඳ එවමි සුළඟෙ ඔතාලා
එවිට මල සොයා පියඹා
එමි රුං ගාලා
සමනළයෙකු වාගේ
සැරසිලා
සොඳුරු සමනළා එන කල
මලට පියඹලා
පිළිගන්නම් පෙති විහිදාලා
නෙළුම් මලේ පෙති කඩලා
ඔරුව සදාලා
වළාකුලෙන් රුවල් දමාලා
බාලොලියා මල් නටුවෙන්
හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
මැණික් කැට අරන් පෙරලන
පහළ බල බලා
මම නිල් දිය දහරක් වෙනවා
මමත් ඒ දියේ රන් වන් පාටින්
දිලෙනා
මාළුවෙක් වෙලා පීනනවා
මටත් හරි හිතයි එහෙනම් අල්ලගන්නවා
රිදී දැලක් වාගේ මැවෙනවා
ඔබේ දැල සැපයි මම ඒ
දැලට මැදි වෙලා
පෙම් ගීයක් කියා නටනවා
නෙළුම් මලේ පෙති කඩලා
ඔරුව සදාලා
වළාකුලෙන් රුවල් දමාලා
බාලොලියා මල් නටුවෙන්
හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri