C.T. Fernando - Pinsidu Wanne şarkı sözleri
Sanatçı:
C.T. Fernando
albüm: 16 Evergreen Hits of CT
පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවෙස කඩා බිම නොදමන්නේ
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා කුඩු තනාලා
පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවෙස කඩා බිම නොදමන්නේ
කොළේ කොළේ දමා කුඩා නිවෙස වසන්නේ
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ
රැළේ රැළේ පුළුන් දමා යහන සදන්නේ
අනේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ
පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවෙස කඩා බිම නොදමන්නේ
දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ට
දමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා
සමාවෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා
නමා යදිමි දෙන්න පුතේ මෙතැන රැදැනට
පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවෙස කඩා බිම නොදමන්නේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri