Kishore Kumar Hits

C.T. Fernando - Dawasa Gevee şarkı sözleri

Sanatçı: C.T. Fernando

albüm: 16 Evergreen Hits of CT


දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා. //
හිරු දෙවියෝ සඳු දෙවඟන මුහුණ සිඹින්නා
වෙහෙස වෙලා ගෙයි හිමියෙක් ගෙදරට එන්නා //
එ් බව දුටු සොඳුර අැවිත් ඔහු පිලිගන්නා
ඔහු දරු දෙන්නා - ගත එල්ලෙන්නා //
අාදරෙ පෙන්නා- සිඹ සනසන්නා //
මෑනි කෙනෙක් පොඩි බබෙකුගෙ මුහුණ සිඹින්නා //
එළදෙන පැටියෙක් ළං කර උෟ ලෙව කන්නා
තරුණ ලියක් කවුලුවකින් එබිල බලන්නා //
අැගේ අැඟේ සුදු සඳ රැස් එළිය වැටෙන්නා
තරු හිනහෙන්නා - හිරු නොපෙනෙන්නා //
එ් අසලින්නා - තරුණෙක් යන්නා //
පෙම් යුවලක් හඳ පානේ මුකුලු කරන්නා //
එ් අසලම තිබෙන ගසක වැලක් එතෙන්නා
උපාසිකාවක් මල් ගෙන බුදුන් වඳින්නා //
සුළඟ වැදීමෙන් බෝ කොළ බිමට හැලෙන්නා
පන්සල් එන්නේ - නැද්ද අසන්නෙ //
එ් විලසින්නේ - සීනු වැදෙන්නේ //

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar