Kishore Kumar Hits

Annesley Malawana - Kiyanna Sulange şarkı sözleri

Sanatçı: Annesley Malawana

albüm: 16 Golden Hits of Annesley Malawana


කියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ?
සැරින් සැරේ හෙමින් ඇවිත්, හයියෙන් යන්නේ
කියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ?
සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ
කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ?
වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ
හමන තාලයටද ගහේ අතු කොල නැටුවේ?
අතරමගදි ඔබ එනවිට මොනවද දුටුවේ
හමන තාලයටද ගහේ අතු කොල නැටුවේ?
අතරමගදි ඔබ එනවිට මොනවද දුටුවේ
ගොපලු පුතෙක් ගියා උදේ ගවරැල දක්කා
මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා
සමගි වෙලා තැන තැන යනවාලු එක රැලේ
කැලය මැදදි සත්තු දැක්කේ නැද්ද? මද නලේ
සමගි වෙලා තැන තැන යනවාලු එක රැලේ
කැලය මැදදි සත්තු දැක්කේ නැද්ද? මද නලේ
කුරුලු මවක් නැති උනු පොඩි පැටවෙකු සෙව්වා
තුරුලු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා
බුදුන් ගේ සිරිපාය තියැයි ලොව පරසිද්දේ
සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියේ නැද්ද?
බුදුන් ගේ සිරිපාය තියැයි ලොව පරසිද්දේ
සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියේ නැද්ද?
ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවද මන්දා
අදත් උදෑසන මා සිරිපාදය වැන්දා
රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න
රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar