Thisara Weerasinghe - Dayabara Hithaka şarkı sözleri
Sanatçı:
Thisara Weerasinghe
albüm: Dayabara Hithaka - Single
දයාබර හිතක ඇති සෙනෙහේ
ඔබ තව නොදැන ඇතී
මගේ නොවන බව දැන සිටියේ
මම හිත රවට ගමී
හිතාදර නෙතක කඳුලු රැදී
මියයන තුරුම ඇතී
ලොවේ කොතන හෝ ඔබට හිමී
සතුටින් හිඳිනු ඇතී
♪
ඔබ මට අහිමිව ගිය කාලේ
තවමත් මා සොයනා
යටිහිත රිදවන ඔබ සොඳුරේ
කවියකි සිත දවනා
සමාවෙන්න හැමදේක වරද මගේ
රත්තරනේ මාගේ
හිනාවෙන්න මගේ දෑස පිං නොකලේ
මේ හිත අද තනියේ
♪
දිනයක මා ලඟ උන් අඳුරේ
තවමත් සිහිකරනා
මතකය මා ලඟ තනි කෙරුවේ
සිහිනෙක තුරුලු වෙලා
සමාවෙන්න හැමදේක වරද මගේ
රත්තරනේ මාගේ
හිනාවෙන්න මගේ දෑස පිං නොකලේ
මේ හිත අද තනියේ
දයාබර හිතක ඇති සෙනෙහේ
ඔබ තව නොදැන ඇතී
මගේ නොවන බව දැන සිටියේ
මම හිත රවට ගමී
හිතාදර නෙතක කඳුලු රැදී
මියයන තුරුම ඇතී
ලොවේ කොතන හෝ ඔබට හිමී
සතුටින් හිඳිනු ඇතී
ලොවේ කොතන හෝ ඔබට හිමී
සතුටින් හිඳිනු ඇතී
ලොවේ කොතන හෝ ඔබට හිමී
සතුටින් හිඳිනු ඇතී
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri